GTA 6 release වෙන්න කල්යයිද?
GTA 6 කියන්නෙ Rockstar Games විසින් නිර්මාණය කරන ලද රසිකයන් අමානන්දයට පත්කළ විවිධ ක්‍රියාදාමයන් සහිත ත්‍රාසජනක ක්‍රීඩාවක්. 2013දි Release වුණ GTA 5 වලින් පස්සෙ එන Grand Theft Auto series එකේ අටවන game එක විදිහට GTA 6 හඳුන්වන්න පුලුවන්.
නමුත් මෙහිදීත් අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ 2002දි Release වුණ GTA Vice City map එකමයි. කොහොම වුණත් මේකෙදි අලුත් වුණ වර්තමාන Vice City එක අපිට බලාගන්න පුලුවන් වගේම map එකට තවත් ප්‍රදේශ කිහිපයක්ම එකතු වෙලා තියෙනවා. දැනට තිබෙන තොරතුරු අනුව ප්‍රධාන නගර 3ක් සහ කුඩා නගර හතරක් map එකට අන්තර්ගත් වෙනවා. මේ ගේම් එක තුළ අපට ප්‍රධාන චරිත 2ක් දැකගන්නට හැකි වෙන අතර ඒ ලුසියා සහ ඇගේ පිරිමි සහකරුවායි. මේ ගේම් එක තියෙන විශේෂම දේ තමයි Character modification. ඒත් එක්කම අපිට දැනටමත් GTA 6 Trailer එක තුළ ප්‍රධාන කල්ලි තුනක් බලා ගන්න පුලුවන් වෙනවා. ඉතින් අපට මේ Trailer එක හරහා බලාගන්න පුලුවන් වෙන්නෙ 2025 වනවිට මේ ගේම් එක Release වෙනවා කියලා.
නමුත් Rockstar developing team එකේ ප්‍රධාන පුද්ගලයෙක් හරහා දැනගැනීමට ලැබෙන්නේ GTA 6 develop කිරීමට සැලසුම් කර තිබූ කාලරාමුවට වඩා පසුපසින් ඔවුන් සිටින බවයි. මෙයට ගොඩක්ම හේතු වී ඇත්තේ developing team එක දුරස්ථව සිට GTA 6 නිර්මාණය කිරීමට දායක වීමයි. මෙහිදී ලොකුම බලපෑම වී ඇත්තේ කාර්යක්ෂමතාව අඩු වීමයි. මේත් එක්කම GTA 6 developing team එකෙන් ඉල්ලා ඇත්තේ නිවෙස්වල නොසිට කාර්‍යාලයට පැමිණ සේවයේ නිරත වන ලෙසයි. නමුත් එය සමහර සේවකයන්ගේ විරෝධයට හේතු වෙලා තිබෙනවා. මේ තොරතුරු මාධ්‍යන් තුළ නිකුත් වීමත් සමග ඔවුන් පවසන්නේ නියමිත කාලය තුලදී development සිදු කරගැනීමට නොහැකි වුණොත් GTA 6 Release date එක තවදුරටත් පඩුපසට ගන්නට සිදුවන බවයි. මේ දේවල් අනුව GTA Release date එක 2026 දක්වා කල්යාමට වැඩි සම්බාවිතාවක් තිබෙනවා.