Nature

මොකක්ද මේ Defragmentation(ප්‍රතිභාගීකරණය) කියන්නේ?



ඔයා Windows පාවිච්චි කරන කෙනෙක්නම් තමයි මේ Defragmentation කියන එක ගොඩක්ම වැදගත් වෙන්නෙ. වඩා හොඳයිනෙ මේ ගැන දැන ගෙන ඉන්න එක. 

ඉතින් Defragmentation ගැන කතා කරන්න කලින් අපි බලමු Fragmentation කියන්නේ මොකක්ද කියලා. Fragmentation කියන්නේ ඛණ්ඩනය හෙවත් කොටස්වලට වෙන්වීම.

එහෙනම් දැන් බලමු Windows දාල තියෙන Hard Disk එකට මේක අදාල වෙන්නේ කොහොමද කියලා. Hard Disk එකේදි අපි Data Write කරන්නේ මේකෙ තියෙන Platter(තැටි) උඩ. ඉතින් මේකෙදි සිද්දවෙන්නෙ Hard Disk එකට මොනවා හරි Copy කරනකොට,  File එකක් Save කරනකොට වගේ අවස්ථාවලදි Data Write වෙන්නේ තැනින් තැන. මේකට හේතුව තමයි නිතරම File එකක් Edit කරනකොට File Size එක වැඩි වෙන නිසා Platter එක තුළ එක දිගට ඉඩ හදාගන්න බැරි වෙනවා. එතකොට වෙන්නෙ මේ File එක කොටස්වලට වෙන් කරලා Platter එකේ තැනින් තැන Store(ගබඩා) කරන එක. 


දැන් ඔයාට පැහැදි ඇතිනේ Hard Disk Fragmentation කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ නිසා ඔයාගේ PC එක ගොඩක් Slow වෙන්න බලනවා. මොකද මේ File කියවන්න Hard Disk එකට ලොකු මහන්සියක් දරන්න වෙන නිසා


එහෙනම් දැන් බලමු Defragmentation කියන්නේ මොකක්ද කියලා. 

සරලවම කිව්වොත් Defragmentation කියනනේ මේ විදිහට තැනින් තැන තියෙන කොටස් Read කරන්න ලේසි වෙන විදිහට පිළිවෙලකට හදන එක. ඉතින් Hard Disk Defragmentation කියන්නේ තැනින් තැන තියෙන Data ටික Hard Disk එකේ පිළිවෙට Store කරන එකට. 

දැන් බලමු Defragmentation කරන්නෙ කොහොමද කියලා.

මුලින්ම කියන්න ඕනෙ මේ වැඩේ කරද්දි Disk Disk එක 99%ක් විතර යන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මේක ඉවර වෙනකන් PC එකේ වෙන වැඩක් නොකර ඉන්න එක. 

මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

Defragmentation and Optimize Drives කියලා සර්ච් කරන්න


දැන් අදාල Software එක Open කරගන්න 

Defragmentation කරන්න අවශ්‍ය Partition එක තෝරන්න


දැන් Optimize Button එක Click කරන්න.




ඉතින් මේ විදිහට තමයි Disk Disk එක ලේසියෙන්ම Defragmentation කරන්නේ. 


Post a Comment

Previous Post Next Post