වචන වලින් වීඩියෝ මවන Sora AI
Sora AI කියන්නේ වචන වලින් වීඩියෝ නිර්මාණය කරන කෘතිම බුද්ධියක්. මේකෙදි වෙන්නෙ අපේ හිතේ තියෙන දේ වචනවලින් ටයිප් කරලා දුන්නම ඒක වීඩියෝ එකක් බවට පරිවර්තනය කරන එක. ඉතින් දැනට කාලෙකට කලින් ආව DALL·E 3, ChatGPT සහ Midjourney වගේ පින්තූර නිර්මාණය කරපු කෘතිම බුද්ධිය දියුණු වෙලා තමයි මේ විදිහ වීඩියෝ පවා නිර්මාණය කරන්න පුලුවන් තත්ත්වයකට පත්වෙලා තියෙන්නෙ. ඒවගේම මේ Sora AI එකට පුලුවන් වචන වගේම පින්තූරයක් අරගෙන ඒක සජීවීකරණය කරන්න. මේවගේ tools දැනටත් තියෙනවා. නමුත් මීට වඩා Sora AI එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියල කියන්න පුලුවන්. ඒවගේම මේ Sora AI වලට පුලුවන් වීඩියෝ දෙකක් එකතු කරලා ඒ දෙකේම තියෙන දේවල් එකතු කරලා තනි වීඩියෝ එකක් හදන්නත්. ඉතින් මේවගේ දෙයක් අපි තනියෙන් කරන්න ගියොත් අපට සෑහෙන්න කාලයක් ගත වෙන්න පුලුවන්. නමුත් මේ tool එකට මේ සඳහා ගතවෙන්නෙ තප්පර කිහිපයයි. ඉතින් මේ කෘතිම බුද්ධිය නිර්මාණය කරල තියෙන්නෙ ChatGPT නිර්මාණය කරපු OpenAI සමාගමෙන්. ඉතින් නිකමට හිතල බලන්න වචන ටිකකින් වීඩියෝ හදන මේ කෘතිම බුද්ධිය හරහා අපට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා. ඉතින් මේ විදිහට හදපු වීඩියෝ කිහිපයක් තමයි ඔයාලට පහතින් බලාගන්න පුලුවන් වෙන්නෙ.
ඉතින් මේ දේ තවත් පැතිකඩ කිහිපයක්ම තියෙනවා. මේ නිසා ගොඩක් අයට ජොබ් නැති වීමේ සම්භාවිතාවයකුත් තියෙනවා. මේක තවත් දියුණු වෙනවත් එක්කම මේ දේ හොඳ පැත්තට වගේම නරක පැත්තටත් පාවිච්චි වෙන්න පුලුවන්. ඉතින් මේ ගැන මොකද හිතෙන්නේ කියලා ඔයාගෙ අදහසත් comment එකකින් දාන්න.