Nature

Restore point එකක් කියන්නේ මොකක්ද?



මෙහිදී සිදු කෙරෙන්නේ අපගේ මෙහෙයුම් පද්ධතිය පෙර තිබු තත්වයකට පත් කිරීමයි. එලෙස පෙර තිබූ තත්වයට පත් කිරිමටනම් දිනයක් හා වේලාවක් කොතනක හෝ සටහන් වී තිබිය යුතුය.

මෙය සිදු කිරීමටනම් Restore Point එකක් Create කර තිබිය ‍යුතුයි.


දැන් බලමු Restore point එකක් හදන්නෙ කොහොමද කියලා. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න,

1. Start ---> All Program ---> Accessories ---> System Tools ---> System Restore.

2. දැන් System Restore dialog box එක මතු වෙයි . මෙහි Option Button දෙකෙන් යට ඇති Create Restore Point යන Option එක තෝරා Next කරන්න.




3. දැන් අපිට මෙ‍ම Restore Point එක සම්බන්ධව කෙටි විස්තරයක් Restore point Description යන කොටසේ යෙදිය හැක.



4. දැන් අපිට පුලුවන් Create Button එක Click කරන්න.


5. Restore Point එක Create වුණ ගමන්ම Window එකක් බලා ගන්න පුලුවන් restore point එක create වුණා කියලා.  එම Window එක close කරන්න.



ඔන්න අපි දැන් Restore Point එකක් Create කර අවසානයි . දැන් අපිට තව ටික දවසකින් පුලුවන් අපේ මෙහෙයුම් පද්ධතිය නැවත පෙර තිබු තත්වයට ගන්න අවශ්‍ය වුණොත් හෝ පසු දිනයන් වල install කරපු software වල ගැටලු ඇති වුවහොත් System එකේ අපි විසින් Restore Point එක Create කරපු දිනය දක්වා පස්සට ගන්න. (Restore කරන්න ) 


දැන් අපි බලමු Restore කරන්නේ කොහොමද කියලා. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න,


1. Start ---> All Program ---> Accessories ---> System Tools ---> System Restore. 


2. දැන් System Restore dialog box මතු වෙයි. එහි ඇති Option Button දෙකෙන් උඩ ඇති System Restore යන Option එක තෝරා Next කරන්න.



3. කලින් අපි Create කරපු සියලුම Restore point අප යොදන ලද Description සමගම Display වෙනවා බලාගන්න පුලුවන්. දැන් අපට අවශ්‍ය Restore Point එකක් තෝරා next කරන්න.



4. අපිට confirmation box එකක් ලැබේවි. ඉන්පසු Finish බොත්තම click කරන්න.



5. දැන් සුළු මොහොතකින් පරිගණකය Restart වෙලා Restore විම ආරම්භ වෙයි. ඉන් පසු සුපුරුදු පරිදි නැවතත් කලින් තිබූ ආකාරයටම Desktop එකට පැමිණේ.



මේ විදිහට තමයි අපි සාර්ථකව system එක restore කරගත්තෙ. තවත් දේවල් දැන ගන්න පහත වීඩියෝව නරඹන්න.



Post a Comment

Previous Post Next Post