Nature

ලොව විශාලතම තාක්ෂණික බිඳවැටීම

ලොව විශාලතම තාක්ෂණික බිඳවැටීම




මේ වනවිට ලොවපුරා ඇති Windows පරිගණක මිලියන ගණනක් BSOD (blue screen of death) මගින් Down වෙලා තිබෙනවා. ගුවන් සේවා, රෝහල්, හෝටල්, සහ මාධ්‍ය ආයතන වගේම ක්ෂේත්‍ර ගණනාවක් මේ නිසා ඇනගිට තිබෙනවා. කෙසේ වෙතත් මෙය සයිබර් ප්‍රහාරයක් නොවන අතර Microsoft ආයතනය පවසා ඇත්තේ CrowdStrike - Cloud based Security Solution එකක ගැටලුවක් හේතුවෙන් හටගත් එකක් බවටයි. CrowdStrike සයිබර් ආරක්ෂණ සමාගම පවසා ඇත්තේ යාවත්කාලීන කිරීමකදී මෙම ගැටලුව මතු වී ඇති බවටයි. මෙමගින් Mac සහ Linux පරිශීලකයින්ට බලපෑමක් ඇති නොවන බවටයි වාර්තා වන්නේ.





ඔයාගේ PC එකටත් මේ විදියට උනා නම් තාවකාලිකව මේ ප්‍රශ්නය විසඳගන්න පහත පියවර අනුගමනය කරන්න

1.ඔයාගෙ පරිගණකය safe mode එකෙන් ඔන් කරගන්න. (පරිගණකයේ මොඩලය අනුව වෙනස් විය හැක) නැත්නම් live OS එකක් පාවිච්චි කරන්න

2.system partition එකේ පහතින් තිබෙන path එකට යන්න. ( Windows install කරලා තියෙන partition lable එක අනුව)

 C:\Windows\System32\drivers\CrowdStrike directory

3.මේ path එකට ගියාට පස්සේ  “C-00000291*.sys” මේ File එක හොයාගන්න.

4. ඒක Delete කරලා දාන්න.

5. පරිගණකය ආයෙමත් සාමාන්‍ය විදියට on කරගන්න





Post a Comment

Previous Post Next Post